ASP.NET(Active Server Pages.NET) යනු වෙබ් අඩවි නිර්මාණය කිරීමේ නවතම තාක්ෂණයන් ගෙන් එකකි. එනම් ASP.NET ඔබට වේගවත් ලෙස වෙබ් අඩවි නිර්මාණය කිරීමට පහසුකම් සපයනු ලබන තාක්ෂණයකි.මෙය server-side තාක්ෂණයකි.මෙහි උසස් ගුණාංගයන් බොහෝමයක් රැඳී ඇත්තේ .NET Framework එක මතය.


මොකක්ද මේ .NET Framework එක ?







සරල ලෙස කිවහොත් මෙය Microsoft මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක ම්රුදුකාංග සැකිල්ලකි.මෙම framework එක විසින් .NET යොදා ගනිමින් සංවර්ධනය කල ම්රුදුකාංග සඳහා විශාල වශයෙන්Class Libraries,
Virtual machine ආදී පහසුකම් සපයයි.
වැඩිදුර කියවන්න...

ASP.NET හා සම්බන්ධ programming languages...

  • Visual Basic
  • C #
  • C ++
  • J script
ASP.NET වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්ය පහසුකම්.
Requirements
for developing an ASP.NET web site


  • The .NET Framework
  • Code Authoring Environments(උදා: Text Editors)
  • Web Servers
  • Database Servers(උදා: Microsoft SQL Server)
  • SMTP Servers
    Microsoft Visual Studio මගින් මෙම පහසුකම් බොහෝමයක් සපයා ඇත. එම නිසා මෙහි ඉදිරි පාඩම් වල ඇති Practicals සඳහා Microsoft Visual Studio 2008 යොදා ගන්නා අතර දත්ත පද්ධතීන්(Databases) හැසිරවීම සඳහා Microsoft SQL Server 2005 යොදා ගනී(Microsoft Visual Studio 2008 install කිරීමෙදී මෙය install වේ).
    Download Visual Studio 2008
    ...

    ASP.NET භාවිතයේ ඇති වාසි-Advantages of ASP.NET
    1. Separation of Code from HTML

      • layout එක හා business logic(Codings) සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට හැකි බැවින් design කිරීම හා coding කිරීම පහසුය
    2. Support for compiled languages

      • C#.NET , VB.NET වැනි programming languages භාවිතයෙන් ශක්තිමත් හා ගුණාත්මක වෙබ් අඩවි නිර්මාණය කල හැක.

    3. Use services provided by the .NET Framework

      • class libraries,Operating system services, data access වැනි සේවා ලබා ගැනීම පහසුය.

    4. Graphical Development Environment

      • Visual Studio භාවිතයෙන් development කල හැක.

    5. State management

      • session හා application state management විසඳුම් සපයයි.

    6. Update files while the server is running

      • client connect වී සිටිද්දීම පවා updates සැපයිය හැක.

    7. XML-Based Configuration Files
      • Configuration settings සඳහා XML භාවිතා කරන බැවින් වෙනස් කම් සිදු කිරීම(can easily read and edit) පහසුය. 
                                                                                                   Go to Lesson 1
    Continue Reading